ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් අවම වශයෙන් රට සති තුනකට වසන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
එසේම කොවිඩ් පිළිබඳව දත්ත් විකෘති කරන ආකාරයක් පෙනෙන්නට ඇති බවත් ඒ සඳහා වගකිව යුතු සියලුදෙනාට තරාතිරම නොබලා දඬුවම් කළ යුතු බවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ඒකාබද්ධව ජනපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙයි.
වෛරස් රෝග සඳහා දේශීය වෛද්‍ය ක්‍රම තුළ සාර්ථක පිළියම් ඇති බවත් ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමය සමග අන්තර්සම්බන්ධිත වෛද්‍ය මෙහෙයුමක් දියත් කරන ලෙසත් ඔවුන් සිය ලිපියෙන් ජනපතිවරයාට පෙන්වා දී තිබේ.
සති 10ක් තුළ රට විසාලා මහනුවරක් බවට පත්වෙනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ශ්‍රී ලංකාවේ විශේෂඥයින් හා ඒකාබද්ධව සකස් කළ වාර්තාව අධ්‍යනය කිරීමේදී ඒ බව පැහැදිලිවන බවත් එම ලිපියේ දැක්වෙයි.
අතුරලියේ රතන හිමි ( අපේ ජනබල පක්ෂය), වාසුදේව නානයක්කාර ( ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ),තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය),විමල් වීරවංශ(ජාතික නිදහස් පෙරමුණ), උදයගම්මන්පිල(පිවිතුරු හෙළ උරුමය,ඒ එල් එම් අතාවුල්ලා ( ජාතික කොංග්‍රසය) ,ටිරාන් අලස් ( එක්සත් මහජන පක්ෂය) ජී වීරසිංහ( ශ්‍රී ලංකාවේ කොමියුනිටිස් පක්ෂය), අසංක නවරත්න( ශ්‍රී ලංකා මහජන පක්ෂය) ,ගෙවිදු කුමාරතුංග ( යුතුකම ජාතික සංවිධානය) මේ සඳහා අත්සන් තැබුවෝ වෙති