දිවයින පුරා ඉදිරි දිනවලදී විශේෂයෙන්ම 21 දා හා 22 දා ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු පළාතෙත්, වයඹ පළාතේ වෙරළබඩ ප්‍ර දේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව බවත් ඒම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, ඌව, සබරගමුව හා උතුරු මැද පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්රික්ක්වලත් ඇතැම් ස්ථාවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.