රටේ විශාලතම නගරය තුළ කොවිඩ්-19 පැතිර යාම කලින් බලපෑමට ලක් නොවූ ප්‍රදේශයන් වෙත පවා ව්‍යාප්ත වීම නිසා ඔස්ට්‍රේලියානු බලධාරීන් සිඩ්නි නුවර සති තුනක් හෝ හතරක් ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නගරය වසා දැමීමෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට අගමැති ස්කොට් මොරිසන් මූල්‍ය සහන ලබාදීමෙන්ම, මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව සඳහන් වෙයි.
ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි නාලිකා නයින් එන්ටර්ටේන්මන්ට් හි අගමැතිවරයා සඳහන් කළේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලොක්ඩවුන් තත්ත්වය සිව්වැනි සතියට පිවිසෙන බවයි.
මේ අතර ප්‍රාන්තයේ මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් එරට වේලාවෙන් හෙට (28දා) පෙ.ව. 11.00 ට පවතින තත්ත්වය ගැන අදහස් දැක්වීමට නියමිතය. දැනට සිකුරාදා අවසන් වීමට නියමිතව ඇති සීමාවන් ඉවත් කරනු ලබන්නේ ප්‍රජාව තුළ සංසරණය වන අලුතින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න වූ විට පමණක් බව ඇය නැවත නැවතත් පවසා තිබේ. මෑත දිනවල එම සංඛ්‍යාව පහත වැටී ඇති නමුත් එම නිර්ණායකයන්ට වඩා ඉහළින් පවතී.
මිලියන 5ක පදිංචිකරුවන් සිටින සිඩ්නි නගරය ජුනි 26දා සිට සති දෙකක ආරම්භක ලොක්ඩවුන් තත්ත්වයකට පත් කෙරිණි. අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සමග විශාල ලෙස වෛරසය පාලනය කළ ඔස්ට්‍රේලියාවටද සිඩ්නි ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කිරීමකට සිදුවිය.