සජිත් කිළිනොච්චිය හා මුලතිව් ගංවතුරින් විපතට පත් වැසියන්ට අධාර බෙදයි
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (31) දින කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් අධාර බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.
එහිදී පළමුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඇතුළු ආපදා නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වූවේ විපතට පත් වැසියන්ට සහන සැලසීම හා වන්දි ලබා දීම සඳහාය . එම අවස්ථාවට පලනි දිගම්බරන් අමාත්‍යවරයා, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇතුළු පිරිසක්ද සහභාගී විය.
අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන් අතින් කිළිනොච්චියේ විපතට පත් වැසියන් හට වියළි ආහාර ඇතුළු ආධාර ලබා දීම සිදු විය.
ගංවතුර ආධාර ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ සජිත් ප්‍රේමදාස මැතිතුමන් කියා සිටියේ.
‘‘ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාව ගංවතුර හේතුවෙන් දැඩි ලෙස අසරණ වෙලා ඉන්නේ ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් අද අපි රුපියල් ලක්ෂ 50 කට අධික සහල් ඇතුළු අනෙකුත් වියළි ආහාර වර්ග බෙදා දීමට රැගෙන ආවේ. විශේෂයෙන් මෙහිදී මතක් කරන්න ඕන ගංවතුර හේතුවෙන් විනාශයට පත් වූ ජනතාවගේ නිවාස ප්රශ්නය ඉතාම කෙටි කාලයකින් විසඳීමටත් ගංවතුර හේතුවෙන් විනාශ වූ නිවාස වලටත් වැඩිය ඉතා හොඳ තත්වයේ නිවාස ලබා දීමට අපි කටයුතු කරනවා”යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
