මෙරට ඛණිජ තෙල් ලබා ගැනීමේ අයිතිය ඉන්දියාවට ලබා දී ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලබා ගැනීමට සූදානම් වන බවට ආරංචියක් ලැබුණු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ඉන්දියාවට යනු ලබන්නේ එම මුදල ලබා ගැනීමට යන්න ප්‍රශ්න කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායත පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඊයේ(29දා) බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
කිසිදු ආකාරයකින් මෙරට ඛණිජ තෙල් ඒකාදිකාරිය ඉන්දියාව ඉල්ලීමක් කර නොමැති බවත් එලෙස ඉල්ලීමක් කළද ලබා දීමට කටයුතු නොකර බවත් ඊට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායත පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - අපිට ආරංචියක් ලැබුනා ලංකාවට තෙල් ලබා ගැනීමේ අයිතිය ඉන්දියාවට දීලා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ගන්න හදනවා කියලා රජයට හිතවත් පුවත්පත් වල තිබුණා. මුදල් ඇමතිවරයා ලගදි ඉන්දියාවේ යන්නේ ඒ මුදල ලබා ගන්නද කියලා මම අහන්න කැමතියි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල - විපක්ෂනායකවරයාගේ වෘත්තීය සමිති ලේකම් ධුරය දරන්නේ අට සමත් පුද්ගලයෙක්. එතුමා මෙතුමන්ලට දිගින් දිගටම ලණු දෙනවා. අපේ රටේ තෙල් ඒකාධිකාරිය උතුරු පළාතේ වත් නැගෙනහිර පළාතේ වත්, කිසිදු පළාතකවත් ඉන්දියාව ඉල්ලලා නෑ. ඉල්ලුවත් අපි දෙන්නෙත් නෑ. ඔබතුමන්ලාගේ මට්ටමින් අපිව මනින්න එපා.