සමගි ජන බලවේගය නියෝජනය කරමින් මීළඟ ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කොළඹ හයිඩ්පාක් පිටියේ පැවැති සමගි ජනබලවේගයේ පළමු පක්ෂ සංවත්සරය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම 2025 වන විට සමගි ජන බලවේගයේ ජනපතිවරයෙක් මෙන්ම ආණ්ඩුවක් පිහිටවන බවත් ඔහු සඳහන් කළේය.