සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන්නේද නැද්ද යන තීරණය හෙට (06දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහරවුරු කරන ලෙස සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුක මන්ත්‍රී කණ්ඩායම අද දිනයේදී මෙලෙස කථානායකවරයා හමුවීමට කටයුතු කරන බව %අද^ පුවත්පතට අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී පසුගියදා (03දා) පාර්ලිමේන්තුවේදී කාලය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට අදහස් පළ කිරීමට නොදීමත් සමග මෙම ගැටලුව හට ගත්තේය.
එහිදී පාර්ලිමේන්තු සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වක්ද හට ගැණිනි.
මේ අතර එම ප්රශ්නය නැවත වතාවක් විපක්ෂය විසින් ඊයේ (04දා) දිනයේද පාර්ලිමේන්තුවේදී මතු කළ අතර, එහිදීද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.
කාලය පිළිබඳ ප්රශ්නය ඇති වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු සහ රාජ්‍ය අමාත්යවරයෙකුතමාට පරුෂ වචනයෙන් බැණ වැදීම සහ පහරදීමට උත්සාහ කළ බව පෙරේදා දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.
කෙසේ වෙතත් එම අවස්ථාවේ කථානායකවරයාගේ ආරක්ෂාව සඳහා තමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම කථානයක පුටුව අසලට පැමිණි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙරේදා දිනයේදී අදහස් පළ කරමින් සඳහන් කළේය.
මෙම ගැටලුව පිළිබඳ අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමේදී ගන්නා බව එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය.
මේ අතර කථානායකවරයාගේ අදාළදැනුම්දීමෙන් අනතරුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පැත්තට පැමිණ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත වතාවක් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහරදීමට කටයුතු කළ බව පෙරේදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරනතෙක් සභාගර්භයට නොපැමිණෙන ලෙස සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන් පිටව ගියහ.