විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙන් මේ බව නිවේදනය කරයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳට කොවිඩ් ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඇය ඊයේ දිනයේදී රෝහල් ගත කර කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී ධනාත්මක වී තිබේ.
ඉන් අනතුරව වෛද්‍ය උපදෙස් අනුව තමන් පී.සී.ආර්. පරීක්ෂණට භාජනය වූ බවත් එහි ප්‍රතිඵල අනුව තමන්ද ධනාත්මක වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.