එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ අතර ඊයේ රාත්‍රියේ පැවැති හමුව සාර්ථක වී තිබේ.
මෙහිදී වැදගත් තීරණ කිහිපයකට එකඟතාවයකට පැමිණ ඇති අතර එහිදී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ප්රශ්නය කුමන හේතුවක් යටතේ හෝ මේ සතියෙන් ඉදිරියට රැගෙන නොයෑමටද අවසන් තීරණයකට පැමිණ තිබේ.
කෙසේ වෙතත් මෙම හමුවේ තීරණ අද (15දා) අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව අවසන් වන තෙක් ප්‍රස්ද්ධ නොකිරිමටද මෙහිදි එකඟතාවයකට පැමිණ තිබේ.
කොළඹ පිහිට අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැති හමුව සඳහා පාඨලී චම්පික රණවක (ජාතික හෙළ උරුමය), මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් (ද්‍රවිඩ ප්රගතිශීලී පෙරමුණ), රවුෆ් හකීම් හා නිශාම් කාරියප්පර් (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය), රිෂාඩ් බද්යුදීන් ( සමස්ත ලංකා මහජන කොංග්‍රසය), සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න (එක්සත් ජාතික පක්ෂය) යන පුද්ගලයන් එක්ව තිබේ.