සජිත් ප්‍රේමදාස මහතාගේ ජග්‍රහණය වෙනුවෙන් පවත්වන රජරට මහා කාන්තා රැළිය පවත්වන්න මේ වනවිට සියලු කටයුතු කර ගෙන යන බවත් ඉදිරි ජනාධිපතිවරයා හැටියට පත් කර ගන්න සියලු දෙනා බලා ගෙන ඉන්න සජිත් ප්‍රේමදාස මහතාට, මේ මුළු රටේම තිබෙන කාන්තා බලවේගය පෙන් වන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කර ගෙන යන බව කාන්තා ළමා කටයුතු හා වියළි කලාපීය සංවර්ධන ඇමතිනී චන්ද්‍රාණි බංඩාර මහත්මිය පවසයි.
ඒ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (22දා) අනුරාධපුර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරිය ,
"අපිට හොඳ විශ්වාසයක් තිබෙනවා සජිත් ප්‍රේමදාස මහතා ඡනාධිපති කරවීමේ අරමුණ අපට ඉතාම ඉහළින් සාර්ථක කර ගන්න පුළුවන් වෙයි කියලා. කාන්තාවගෙන් පැත්තෙනුත්, අද කාන්තාවට ලොකු විශ්වාසයක් තිබෙනවා එතුමාගේ වැඩ දිහා දැකලා, ඒ අහිංසක කාන්තාවන්ට ලබා දෙන ඒ සහයෝගයත් එක්ක, කාන්තාවන් තුළ ද ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව එතුමාට ඇහුම්කන් දෙන, ඕන කෙනෙකුට ගිහින් කතා කරල, එතුමත් එක්ක හොඳ බලයක් එතුමාට තිබෙනවා කියලා විශ්වාසයක් කාන්තාවන් තුළ අද තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහත්තයා සමත්ද? සමත් නැද්ද? ඉංග්‍රීසි බැරිද? ඉංග්‍රීසි පුළුවන්ද කියන එක අද රටේ සියලුම දෙනාම දැනගෙන තිබෙනවා. එතුමා නූගත් මනුස්සයෙක් නෙමෙයි. මේ ලෝකෙ තියෙන හොඳම විශ්ව විද්‍යාලයට ගිහිල්ලා, ඉතාම ඉහළ මට්ටමක අධ්‍යාපනයක් කරලා, එතුමා බොහෝම හොඳ අධ්‍යාපනයක් සමග ඉස්සරහට කටයුතු කරන්න ඉන්න මේ රටේ පිළිගත්ත හොඳ ජනප්‍රිය නායකයෙක් බවට අද පත් වෙලා සිටිනවා.
සමහරුන්ට අද ඒ තත්ත්වයට එන්න බැරි වෙන කොට ඒ අය විවිධ දේවල් කියන්න උත්සාහ ගන්නවා. අඩුපාඩුකම් හොයනවා. අඩුපාඩුකම් මවන්න හදනවා. ඒ නිසා එතුමාට ඒ අවශ්‍ය සියලු සුදුසුකම් තිබෙනවා. හැබැයි මතක තියාගන්න ලෝකයේ නායකයන් වෙලා ඉන්නේ, හිටපු නායක වෙන්න පුළුවන්, අදටත් ඉන්න නායකයෝ වෙන්න පුළුවන්, හැමෝම විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඉංග්‍රීසි වලින් උගත් ඒ වගේ නායකයෝ නෙමෙයි. ඒ දේවල් මේ රටේ ඉස්සරහ ගමනට අත්‍යාවශ්‍යම කරුණු කාරණා නෙමෙයි. අද එහෙම නැති මේ ලෝකේ ප්‍රධාන රටවල් වල නායකයෝ පවා ඉන්නවා. ඉතින් මේවා බොලද කතන්දර, තමන්ට එතනට එන්න බැරි නම් ඉරිසියාව තියන කුහකකම් කරන මිනිස්සු තමයි මේවා කියන්නේ" යනුවෙන් එම මහත්මිය වැඩිදුරටත් පැවසිය.