සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඔහු කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාම යෝජනා අත්සන් කිරීම අද (18දා) පෙරවරුවේ සිදුවිය.
ඔහු පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලැබීය.