ගාල්ල නාගරික බල ප්‍රදේශයේ සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්‍රාම නිලධාරි වසම් 05ක ඊයේ (06) කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවල කොටසක ප්‍රථිපල අද (07) උදැසන ලැබි ඇති අතර එම ප්‍රථිපල අනුව පුද්ගලයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
ඊයේ දින මෙකි ග්‍රාම නිලධාරිවසම් 05 ආවරනය පරිදි පි.සි ආර් පරික්ෂණ 1056ක් සිදුකොට ඇති අතර ඉන් 388ක ප්‍රථිපල අද (07) උදැසන නිකුත්වි ඇත.
එම ප්‍රථිපල අනුව ගාල්ල කොන්ගහ ප්‍රදේශයේ පුද්ගලයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
කොන්ගහ ප්‍රදේශයේ පුද්ගලයින් 136 දෙනෙකු පි.සි ආර් පරික්ෂණයට ලක්කරණු ලැබිය. එමෙන්ම ඩිකිගෙවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් 188 දෙනෙකු හා ජුමාලියා පල්ලිය අසල පුද්ගලයින් 64 දෙනෙකු පි.සි ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මෙකි ග්‍රාම නිලධාරි වසම් 05න් ගතවු දින කිහිපය තුල කොරෝනා ආසාදිත රෝගින් 20 දෙනෙකු හමුවි ඇත. ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරිවසම්වල මෙකි ප්‍රජාවගේ කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණ ලැබෙන තෙක් සිමා සහිත සංචරණ සිමා පනවා ඇත.