සංචරණ සීමා පනවා ඇති කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාසයේ ඇටෝරුවාව ග්‍රාමයෙන් කොවිඩ් අසාදිත රෝගින් 04දෙනකු වාර්තා වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද පැවසීය.
29දා සිදුකල පී සී ආර් පරික්ෂාවේ ප්‍රතිපල ලැබිමෙන් අනතුරුව මෙම අසාදිතයන් හදුනාගෙන තිබේ.
ඇටොරුවාව ග්‍රාමයේ නිවාස 25න් නිවාස 18ක් නිරෝධායනයට යොමුකර තිබෙන අතර අසාදිත රෝගින් ගණන 12දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සුදු පොලක් සහ සාදයක් හේතුවෙන් නිසා මෙම අසාදිත පොකර වර්ධනය වී ඇත.
රඹුක්කන නයෝමි දිල්රැක්ෂි