සංචරණ සීමා ක්‍රියාත්මක කළ දිනයේ සිට පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ වැඩිම මාරක අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ඊයේ සිදුවූ මාරක රිය අනතුරු හයකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වාහන ගමනා ගමනයට අවසර ලබාදී තිබියදී මෙම අනතුරු සිදුව තිබේ.
යතුරු පැදිකරුවන් හතරක්, ත්‍රිරෝද රථයක ගමන් කළ පුද්ගලයෙක් හා රාජකාරියේ යේදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.