සංචරණ සීමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි. පැය30කට පැනවූ සංචරණ සීමා අද පෙරවරු 4.00ට ඉවත් කෙරිණි.
මේ අතර සංචරණ සිමා ඉවත් කෙරුණද බස්රථ හා දුමිර්ය ධාවනය තවදුරටත් පළාත් තුළ පමණක් සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
එමෙන්ම බස්නාහිර පළාත තුළ සංචරණ නීති ක්‍රියාත්මක කිරිම කඩ කරන වෙළෙඳසැල් සම්බන්ධයෙන් දැඩි ලෙස සොයා බලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැනුම් දි ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.