දෙසැම්බර් 26 වන දා සිට මාසයක කාලයක් ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවත් ඉන් අනතුරුව ගැටලුවක් ඇත්නම් එය නිවැරදි කරන බවත අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නියාමන ව්‍යාපෘතිය අතරතුර රට සංචාරකයන්ට විවෘත කිරීම ක්‍රමානුකූලව සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කරයි.
රට සංචාරකයන්ට ක්රමාණුකූලව විවෘත කරන්නේද සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ඉටු කරමින් බවත් ආණ්ඩුව ගුවන්තොටුපල විවෘත කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්නේ ඉතා විධිමත් සැලැස්මක් අනුව බවත් ඔහු පැවැසීය.
රටේ සමස්ත ජනතාවට මෙරටට පැමිණෙන සංචාරකයන් මගින් කොවිඩ් බෝවීමේ අවදානම උපරිමයෙන් පාලන කිරීමට ගතහැකි, ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවත් සෞඛ්‍ය අංශ හා සංචාරක ක්ෂේත්රයේ නියෝජිතයන් එක්ව මේ සදහා පසුගිය දිනවල දිවා රාත්‍රී වෙහෙසෙමින් අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරකයන් ගුවන්තොටුපලට පැමිණිමේ සිට ඔවුන් ආපසු සිය රට බලා යන තුරුම සෞඛ්‍ය හා සංචාරක අංශ අධීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.