රට තුළ පසුගිය අප්‍රේල් 21 සිදුවු සිදුවිම් මාලාවත් සමඟ කල්පිටිය අර්ධද්විපයේ සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන් බිඳ වැටි ඇති බව එම ව්‍යාපාරයේ නිරතවන්නන් පවසති.
සෑම වසරකම අප්‍රේල් මාසයෙන් පසුව ලෝකයේ නන් දෙසින් සංචාරකයින් පැමිණිම සිදුවුයේ සංචාරකයින්ට රිසි ලෙස සැරිසැරිය හැකි පරිසරයක් කල්පිටිය අර්ධද්විපයේ සැකසි ඇති පරිසර රටාවන් හේතුවෙනී.
ලෝකයේ මුහුදු සරුංගල් සඳහා ( කයිට් සර්ෆින් ) සඳහා සුදුසුම පරිසර රටාවකින් කල්පිටිය මුහුදු සහ කලපු ආශ්‍රීතව සැකසි ඇති අතර මෙයට අමතරව සුන්දර කඩොලාන පරිසර රටාව සේම ඩොල්පින් හා තල්මසුන් දැකබලා ගැනිමට දෙස් විදෙස් සංචාරකයින් කල්පිටියට පැමිණිමට පුරුදු වි තිබුනී .
වෙනදා මෙම කාලයේ සංචාරකයින්ගෙන් පිරි යන කල්පිටිය සංචාරක කලාපයේ මේ වනවිට දැක හැක්කේ පාළුවට ගිය සේයාවකී.
සංචාරකයින් පැමිණිම සම්පුර්ණයෙන් නැවති යාම නිසා මේ වනවිට කල්පිටිය අර්ධද්විපයේ සංචාරක හෝටල් 100කට ආසන්න ප්‍රමාණයක් පාළුවට ගොස් තිබේ.
ඒ සමඟම ඒවායේ සේවය කළ සේවකයින්ටද මේ වනවිට පඩි ගෙවා ගැනිමේ බරපතළ ගැටලුවක සිරවි සිටින බව හෝටල් හිමිකරුවන් පවසති .
හෝටල් හිමිකරුවකු වන ඩබ්ලියු .එම් . චමින්ද සුගත් එම්මානුවෙල් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ වෙනදා මේ වනවිට කල්පිටිය සංචාරකයින්ගෙන් පිරි යනවා .
නමුත් කියන්න දුකයි විදේශීය තියා දේශීය සංචාරකයින්වත් එන්නේ නැහැ .
මම කරන්නේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක් අද මට එහි සේවකයින් කිපදෙනා නඩත්තු කරන්න බැරි වෙලා.
නමුත් විශාල සංචාරක හෝටල් වලට මෙය විශාල පාඩුවක් මොකද ඒවායේ විශාල සේවකයින් ප්‍රමාණයක් සිටිනවා පිරිවැය වැඩියි.
මේ සියල්ල එකක් මේ කටයුතු වලට අපි ගත්ත ණය ගෙවා ගන්න අද බැරි වෙලා අපි බැංකු වලට ණය කාරයෝ කරලා යැයි ඔහු පැවසිය .
පුත්තලම - හිරාන් ප්‍රියංකර