කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන් සඳහා ලබා දුන් සහන පැකේජය තවදුරටත් ක්රියාත්මක බව සංචාරක ඇමති ප්රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් වන තුරු මෙම සහන පැකේජය ක්රියාත්මක බවයි.
පාස්කු ප්රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත්රය වෙත ලබා දුන් බදු සහන පැකේජය කෝවිඩ් 19 වසංගතය පැමිණීමට පෙර වසරක කාලයකට දීර්ඝ කෙරුණු අතර එම කාල සීමාව තවමත් ක්රියාත්මකය.
ඊට අමතරව කෝවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්රයේ නිරත වූවන්ට සහන සැලසීම සදහා විශේෂ කැබිනට් පත්රිකා දෙකක් ඉදිරිපත් කල බව ඇමති ප්රසන්න රණතුංග මහතා පවසයි.