සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි
දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ සදහා 2005 අංක 38 දරණ සංචාරක කටයුතු පණත සංශෝධනය කිරීමට යෝජනා වී තිබෙන අතර මෙම සංශෝධනය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත්. සංචාරක ක්ෂේත්රයේ සේවාලාභින් සදහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමත් සම්පත් අතිරික්තය අවම කිරීමත් මෙහි අරමුණ බව අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.