මෙරට උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරුන් හා නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22දා) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම් සහ රටේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින්, රටවල් 46කට අධික තානාපතිවරු සහ විදෙස් නියෝජිතයන් සමග පුරා පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී බෝම්බ පිපිරවීමේ සිද්ධියත් සමග මෙරටට සංචාරකයන් පැමිණීමේ අවදානමක් උද්ගත විය හැකි බැවින් එය යථා තත්ත්වයට පත්කර, රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් රට ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් අවධානය යොමුවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය පැවරීමට සහ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 24කට වැඩි කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පමණක් සීමා වූ හදිසි නීති රෙගුලාසි දෙකක් පැනවීමට නියමිත බව පෙන්වා දුන්නේය.
එසේම ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් මූලික කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා තිබේ නම්, එය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම කෙරෙහිද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
මෙම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලබා සිටින විදේශිකයන් පිළිබඳ තොරතුරු තානාපතිවරුන් වෙත ලබාදුන් අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඔවුන් වෙත ලබාදෙනු ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්යසාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.