සඟවා තිබු පොහොර කිලෝ 51,000ක් ගොවින්ට නිකුත් කරයි
පස්යාල සහ මීරිගම ප්රදේශයන්හි ගබඩා දෙකක සගවා තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පොහොර කිලෝ 51,000 ක් ගොවීන්ට ලබාදීමට පියවර ගනු ලැබීය.
පොහොර ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි වී සහ අනෙකුත් භෝග සදහා මීරිගම, පල්ලෙවෙල සහ පස්යාල යන ගොවිජන සේවා බල ප්රදේශයන්හි ගොවීන් සදහා අලෙවි කිරීමට ලබාදී තිබූ පොහොර තොගයක් සගවා තිබියදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රික් ප්රධානී ප්රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
මීරිගම ප්රාදේශීය ලේකම් ප්රසාද් ඉන්දික මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වරුන් මාර්ගයෙන් ගොවි සංවිධාන 120ක ගොවි මහතුන් හඳුනාගනිමින් රජයේ පාලන මිල යටතේ පොහොර ලබා දීමට පියවර ගනු ලැබූ බවද දිස්ත්රික් විමර්ශන අංශ ප්රධානීවරයා සදහන් කළේය.
ගම්පහ - තිලකරත්න දිසානායක සහ මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි
popular news
-
Kumar Friday, 02 July 2021 06:35 AM
pohora sangawa ayage nam prasidha karnne naddah?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

