සිංගප්පූරු වරාය පරදවමින් කොළඹ වරාය ප්රථම ස්ථානයට
2018 වසරේ පළමු අර්ධයේදී ලෝකයේ වර්ධන අනුපාත අතරින් කොළඹ වරාය ප්රමුඛස්ථානයට පත්ව තිබේ.
ඒ අනුව ඇල්ෆාලයිනර් වාර්තාවට අනුව ලෝකයේ ප්රධාන බහලු මෙහෙයුම් වරායන් 30 අතර ප්රථම ස්ථානයට පත්ව ඇත. එම අර්ධයේදී කොළඹ වරාය 15.6%ක වර්ධනයක් ලබාගෙන ඇති අතර සිංගප්පූරු වරාය ලබාගෙන ඇත්තේ 11.6%ක වර්ධනයකි.
මෙහි තෙවැනි ස්ථානය ජපානයේ ගොන්ෂු වරාය හිමිකරගෙන ඇත්තේ 8.6%ක වර්ධනයක් ලබාගනිමිනි.
යුරෝපියානු වරායන්, ඩුබායි හා ආසියානු වරායන් අතරින් මෙම වර්ධනය ලබාගෙන ඇත.
-
සමීර Monday, 10 September 2018 05:35 PM
මුදල් වටිනාකම අනුව කොළඹ වරාය සිංගප්පුරු වරාය අහලක වත් නැහැ. කොළඹ වරාය හොර ගුහාවක් මිසක් ලාබ ලබන තැනක් නොවේ. සිංගප්පුරුවට නැව් දහස් ගණනක් මාසයකට එනවිට කොළොඹට එන්නේ නැව් සුළු ගණනක් විතරය්. එබැවින් නැව් දෙකක් වැඩිපුර ආවත් ප්රතිශතය 15.6%ක වර්ධනයක් ලැබෙන එක ගණන් සුත්තරයක් විතරය්. තවත් යහපාලන මගඩියක් වගෙය් පෙනෙන්නේ.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
