රට තුළ භාවිතය තහනම් කර ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක් සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම හරහා රටට ගෙන්වීමට අවස්ථාව හිමි වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
තහනම් කරන ලද ද්‍රව්‍ය කිහිපයක පිළිකා කාරක අඩංගු බවත් එසේ තිබියදී සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම හරහා සිංගප්පූරුවට මෙම ද්‍රව්‍ය රට තුළට ගෙන්වීමට හැකිවී තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා අද (18දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මෙම තහනම් රසායනික ද්‍රව්‍ය අතර 1979 තරම් ඈත කාලසීමාවේදී තහනම් කළ පොලික්ලෝරිනේටඩ් (PCB) ගෙන්වීමට අවස්ථාවක් හිමිව ඇති බවත් මෙම රසායනික ද්‍රව්‍යය 2001 වසරේ ස්ටෝක්හෝම් සම්මුතිය හරහා ලොව පුරා තහනම් කර ඇති බවත් ඔහු පැවැසීය.