එළිමහන් සංදර්ශන වේදිකාවට පනවා තිබෙන වාරණය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බලංගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමක් ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
“කොරෝනා වසංගත තත්ත්වය සමඟ මෙරට එළිමහන් ප්‍රසංග වේදිකා වෙත පනවා තිබෙන වාරණය හේතුවෙන් කලාකරුවන් මෙන්ම සන්දර්ශන වේදිකා හරහා ජීවත්වෙන බොහෝ පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා.
මෙම ගැටළුව ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා ඉක්මන් තීරණයක් ගැනීමට පියවර ගන්නවා. පෙබරවාරි මාර්තු මාසය වන විට කොරෝනා එන්නත් ගෙන්වීම වැඩි කර එන්නත් කිරීම ඉතාම ඉක්මනටම වැඩි කරන්න රජය කටයුතු කරනවා. එහෙම වුණොත් අපට මාර්තු අප්‍රේල් වන විට ඉතා ඉක්මනින්ම මෙම වාරණය ඉවත් කර ගන්න හැකියාව ලැබෙනවා.
අපේ රටේ පමණක් නොව ලෝකයේ සෑම රටකම එළිමහන් ප්‍රසංග වේදිකාවට පනවා තිබෙන තහනම් තවමත් එලෙසම තියෙනවා.”
බලංගොඩ රෝහණ වසන්ත