ගෙවී ගිය වසර තුන හමාරක කාලය තුළදී සෞඛ්‍ය ක්ෂේත්රය තුළ සිදු වූ දුෂිත ගනුදෙනු හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විමර්ශනයක් සිදු කිරීම ඉතාමත් වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම අක්රමිකතාවන් හා දූෂිත ගනුදෙනු පිළිබඳ තම සංගමයට මේ වනවිට තොරතුරු ලැබෙමින් තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ වසරේ මැයි 28 වැනිදා සිදු වූ ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩරයෙන් පමණක් රුපියල් ලක්ෂ හත්සීයක මුදලක් රජයට අහිමි වී තිබෙන බවත් එම මුදල් කාගේ ගිණුම්වලට බැරවී ඇතිද යන්න පිළිබඳ සොයා ගත යුතු බවද ඊෙයේ (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.