වරකාපොල නාංගල්ල තුල්හිරිය ප්‍රදේශයේදී අද (29) දා උදෑසන 8ට පමණ ලංගම බස් රථයක් හා රෝහල් සේවකයෙකු ගමන් ගත් යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගිය බව වරකාපොල පොලීසිය පවසයි .
මෙලෙස මියගොස් ඇත්තේ වරකාපොල මූලික රෝහලේ සේවය කළ බෙරගල පාර ,ගංගොඩ ,කෑගල්ල ලිපිනයේ පදිංචි ඉඳුනිල් හතුරුසිංහ (37) නැමැති දෙදරු පියෙකි .
අද උදෑසන සෞඛ්‍ය අංශ සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ අලව්ව ඩිපෝවට අයත් ලංගම බස් රථය වරකාපොල දෙසට ධාවනය වෙමින් තිබියදී සෞඛ්‍ය සේවකයා ගමන් ගත් තුරුපැදිය ප්‍රධාන මාර්ගයේ සිට දකුණට හැරවීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත
අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් සෞඛ්‍ය සේවකයා එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොලීසිය පවසන අතර දේහය මේ වනවිට මරණ පරීක්ෂණය සඳහා වරකාපොල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත .
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසිය මගින් සිදුකරනු ලබයි.