සෞඛ්‍ය වෘත්තීය සමිති 13ක් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
එම වෘත්තීය සමිති ඉකුත් දින කිහිපයේදීද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වු අතර ඊයේ දක්වා විසදුම් ලබා දීමට බලධාරින්ට අවස්ථාව ලබා දී තිබුණා.
කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීන් සිය ඉල්ලීම්වලට පැහැදිලි විසදුමක් ලබා නොදීම හේතුවෙන් අද පෙරවරු 08 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි පරිපූරක වෛද්‍ය සේවා එක්බද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.