කොවිඩ් ව්‍යාප්තිය නිසා පසුගිය අඟහරුවාදා (17) මාධ්‍යම රාත්‍රීයේ සිට විවාහ උත්සව පැවැත්වීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කළේය.
එවැනි වාතාවරණයක් තුළ නිරෝධායන නීති නොතකා මංගල උත්සවයක් පැවැත්වු අවස්ථාවක් අද වාර්තා වුණි.
ඒ අනුව, කුලියාපිටිය, නාරංගල්ල ප්‍රදේශයේ පවත්වමින් තිබූ විවාහ මංගලෝත්සවයක් නවතා නිවැසියන් එම ස්ථානයේම නිරෝධායනයට ලක්කිරීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා පොලිසිය එක්ව කටයුතු කළහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ විවාහ ගිවිසගැනීම් පමණක් සිදුකිරීමට අවසර ලබාදී තිබුණද මංගල උත්සව පැවැත්විමට කිසිදු අවසරයක් ලබාදී නොමැති පසුබිමක එසේ අදාළ විවාහ මංගල උත්සවය සංවිධානය කර තිබේ.
නිලධාරීන් එම ස්ථානයට යනවිටත් මංගල උත්සවය පැවැත්වෙමින් තිබූ බව පොලිසිය කියයි.
කෙසේවෙතත් පොලිසිය යන අවස්ථාවේ රැස්ව සිටි පිරිස පිටව ගොස් තිබූ අතර නිවසේ සිටි මනාලියගේ පාර්ශවය එම නිවසේම නිරෝධායනයට ලක් කිරීමටත්, මනාලයාගේ පිරිස මනාලයාගේ නිවසේ නිරෝධායනයට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබිණ.