සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල පහසුකම් ඇති කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කිරීමට නියමිතය.
එම ඒකකය පිහිටුවීම නව අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ. ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ඇමෙරිකාවේ මේ වන විට ක්‍රියාත්මකය.
වසර 2030 වන විට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මෙමගින් රෝගී සත්කාර සේවා සඳහා වැය වන පිරිවැය ඉතා අඩු වෙයි. වර්තමානය වන විට දිවයිනෙහි ජාන රසායනාගාර 05ක් ස්ථාපිත කර ඇති අතර ඒවාට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාල සියලුම පහසුකම්වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරීමට රුපියල් මිලියන 482 ක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.