දින තුනක් තිස්සේ ත්රිරෝද රථයකින් වතුකරයේ සැරි සැරූ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් වතු කම්කරුවන් විසින් අල්ලා අද (06) බගවන්තලාව පොලීසිය වෙත භාර දි ඇත.
මෙම සැකකරුවන් තිදෙනා තේ වතු ආශ්රිතව අලිගැට පේර එකතු කරමින් බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන්, එල්ටොප්ස් යන වතුවල සැරිසරමින් සිටියදි තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් මෙම තිදෙනා පිළිබඳව සැක සිති අල්ලා බගවන්තලාව පොලීසිය වෙත භාර දි ඇත.
සැකකරුවන් තිදෙනා පැමිණි ත්රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් පැමිණි ත්රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් තිදෙනා බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් තිදෙනා හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලීසිය පැවසිය.