හම්බන්තොට මුලස්ථාන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එක්ව ඊයේ (25දා) සිදුකළ මෙහෙයුමකදී සැක කටයුතු ලෙස ප්රදේශයේ සංචාරයේ දී සිටි තරුණයින් 11 දෙනෙකු හා විසා නොමැතිව නිතිවිරෝධිව රැදී සිටි ඉන්දියන් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන අද (26) දින හම්බන්තොට අධිකරණයට ඉදිරිපත්කර තිබේ.
අදාළ සැකකරුවන් හම්බන්තොට ප්රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් කුමන කරුණක් සඳහා මෙලෙස අදිරි නිතියද නොසළකා හරිමින් කටයුතු කළාද යන්න පිළිබඳව පොලිසිය වෙත නිසි ප්රකාශයක් සිදුකර නොමැත.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි -හම්බන්තොට