කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලට මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබූ සීමා දැන් අවසන් බැවින් ඔවුන්ට අදාල සහන සැලසීම කඩිනම් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුල ඊට අදාල ගෙවීම් හා සෙසු කටයුතු අවසන් කරන ලෙසද ඇමතිවරයා ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක මාර්ගෝපදේශකයන්ට රු.20,000ක දිමනාවක් හා සංචාරක රියදුරන්ට රු.15,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබිණි. මැතිවරණ කාල සීමාවේදී මැතිවරණ කොමසාරිස්වරයා අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කලේ එම මුදල රු.10,000කට සීමා කරන ලෙසයි.
සංචාරක සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (13) සිය රාජකාරි ඇරඹීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදුන් මුල්ම උපදෙස වූයේ එම සීමා මේ වනවිට බලාත්මක නොවන නිසා නිසිපරිදි අදාල දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
