කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලීමක් පරිදි අද (02දා) චීනයේ ෂැංහයි නාගරික රජය මගින් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත KN 95 Non – Medical Masks 20000ක්, Medical Protective Clothing 210ක් සහ goggles 300ක් පරිත්‍යාග කෙරිණි.
චීන තානාධිපති කාර්යාලයේ ලුඕ චොංග් (මාධ්‍ය ප්‍රකාශක, දේශපාලන අංශ ප්‍රධානී) මහතා විසින් නගරාධිපතිනය වෙත මෙම උපකරණ තොගය පරිත්‍යාග කරන ලදී.
ප්‍රියාන් ශමික