ෂොපින් බෑග් තහනම පළමු අදියර ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දුන්නා.
පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ යටතේ ෂොපින් බෑග් සහ ගොසරි බෑග් තහනම් කිරීමට යෝජිතයි.
මෙරට සමස්ත ෂොපින් බෑග් භාවිතය බිලියන දෙක ඉක්මවා තිබෙනවා. සුපිරි වෙළදසැල් ජාලයට අයත් සමාගම් දෙකක් මගින් වසරකට නොමිලේ නිකුත් කරන සිලි සිලි බෑග් ප්‍රමාණය කෝටි සියයක්. එක් සුපිරි වෙළදසැල් ජාලයකට අයත් සාප්පුවකින් පමණක් දිනකට ෂොපින් බෑග් ලක්ෂ පහක ප්‍රමාණයක් නිකුත් කෙරෙන බවයි පරිසර අමාත්‍යංශයේ දත්ත සදහන් කරන්නේ.
මෙසේ ඉවතලන බෑග් වලින් සියයට සියයක්ම පරිසරයට බැහැර කෙරෙනවා. ඉන් සියයට එකක්වත් ප්රතිචක්ක්රීකරණයට යොදා ගන්නේ නැහැ. ඒ හේතුවෙනුයි අදියර දෙකක් යටතේ ෂොපින් බෑග් තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ.