චීන වාර්තාමය වැඩසටහන වන “ෂින්ජියැන් හි ත්රස්තවාදයට එරෙහි සටන” 2 වැනි කථාංගය අද (25දා) න සවස 5 සිට සවස 6 දක්වා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කිරිමට නියමිතය.
මෙහි පළමු කොටස අප්‍රේල් 23 වන දා විකාශය කර තිබේ.
1990 දශකයේ සිට ෂින්ජියැන් හි ප්‍රචණ්ඩකාරී හා ත්‍රස්තවාදී අපරාධ ක්‍රියා දහස් ගණනක් වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් අහිංසක පුරවැසියන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ ජීවිත හානි රාශියක් සිදුවිය. ෂින්ජියැන්ග් සහ එහි ත්‍රස්ත විරෝධී ප්රයත්නයන්හි සත්‍ය කතාව මෙම වාර්තාමය වැඩසටහන මගින් ඉදිරිපත් කර තිබේ.
ඕනෑම ආකාරයකින් ත්රස්තවාදයට අධිෂ්ඨාන සහගතව විරුද්ධ වන බවත් ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී උත්සාහයන් වැඩි දියුණු කරන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.