කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාවට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ඒ අනුව එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.