ශ්රී ලාංකික ශ්රමිකයෙකු පාකිස්තානුවන් පිරිසක් විසින් වධහිංසනයට ලක් කර ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බව පකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් පවසා සිටියි.
සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ ක්රියාවලිය සිදුවෙමින් පවතින බව අග්රාමාත්යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියි.
තමන් මීට අදාළ පරීක්ෂණය අධීක්රණය කරමින් සිටින බවත් වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට ගෙනවිත් දැඩි දඬුවම් පමුණුවන බවත් ඔහු අවධාරණය කර තිබේ.