ශ්‍රී ලන්කන් හිටපු CEO හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයා බස් සමාගම අතර ගනුදෙනුවකට අදාළව ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයා මෙම නියෝගය ලබාදී තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ තොරතුරුවලට අනුවය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ දිනයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කළේය.

popular news
-
Wimal Monday, 03 February 2020 06:07 PM
Best news item heard during the last 72 YRS .LETS CELEBRATE THE INDEPENDENCE DAY. Where is Aravinda desilca bil of kKapila chandrasena
Reply : 0 0
Kumar Monday, 03 February 2020 09:58 PM
ලංකාවේ සල්ලිකුට්ටිය ගන්න කෙනා මුළු මුදල ළඟ තබන්නේ නැහැ. එකෙන් තමන්ගෙ කොටස අරගෙන ඉතිරිය ඉහලට යනවා. අනෙක් අයත් අත්අඩංගුවට ගන්නෙ නැද්ද. තව ටික දවසකින් කියයි කිසිම කෙනෙකුට නොදනුවත්ත චුදිතයා සින්ගපුරුවේ පදිංචියට ගියා කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

