ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC සිට CC දක්වා පහළ දැමීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. තවත් දින කිහිපයකින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලා ඒම් පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට තිබියදී මෙම පහත දැමීම සිදුකර ඇතැයි මහ බැංකුව පවසයි.
මෙම පහත දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.
පසුගිය වසර සාපෙක්ෂව මේ වසරේ ජනවාරි - සැප්තැම්බර් කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.4කින් වර්ධනය වි ඇති බවත් මේ වසරේදී ශ්‍රී ලංකාවට සියයට 4කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබාගැනීමට හැකිවෙනු ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ වාර්තාගත අපනයන ආදායම හේතුවෙන් මේ වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය මාසයෙන් මාසය අඩුවෙමින් පවතින බවද මහ බැංකුව පෙන්වා දෙයි. එසේම නැවතවරක් ලාංකික ශ්‍රමිකයන් විදෙස්ගතවීම හරහා ඔවන්ගෙන් ලැබෙන ප්‍රේෂණද ඉහළ අගයකට පත්වෙනු ඇතැයි මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයක් තුළ ෆිච් රේටින්ග් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත පහළ දැමීම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයන්ට සෘණාත්මක පැතිකඩක් පෙන්වා දෙනු ඇතැයිද මහ බැංකුව පවසයි.
ෆිච් රේටින්ග් ආයතනය විසින් ශ්‍රී