ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් ගමන් ලිහිල් කරයි
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉන්දියාව , දකුණු ඇමෙරිකානු රටවල් , දකුණු අප්‍රිකානු රටවල් සහ යුරෝපා රටවල් කීපයක් වෙත මීට පෙර පනවා තිබූ ගුවන් ගමන් සීමාවන් මදක් ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය .
ඒ අනුව මෙම ඉහත රටවල සිට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් , ද්විත්ව පුරවැසියන් සහ තානාපති නිලධාරීන් , ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් , විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතුය .
එසේම ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසුව , ශ්‍රී ලංකාවේ නීරෝධායනය සදහාම වෙන්වූ හෝටල් හෝ මධ්‍යස්ථානයක් තුළ දින 14 ක් නීරෝධායනය විය යුතු අතර , ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි වහාම සහ පැමිණ දින 14 ක කාළයෙන් පසුව යළිත් පී.සී.ආර්.පරීක්ෂණ 02 කට සහභාගී විය යුතු බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ .
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

