ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ජාතික ගුවන් සමාගමක් රටකට අත්‍යවශ්‍යය බව ගෝඨාභය රාජපක්ෂ රජයේ ස්ථාවරය බවත් පාඩුව අවමකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාම නව රජයේ ස්ථාවරය බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිළධාරීන් සමග පහුගිය දා (13) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බව මා කිසිවිටෙකත් පවසන්නේ නෑ. මේ ගුවන් සමාගම ලබන පාඩුව අවම කිරීම තමයි මගේ අරමුණ. මොකද රටකට ජාතික ගුවන් සේවයක් අවශ්‍යයි. එවැනි ජාතික ගුවන් සේවයක් පැවතීම නිසයි අපට කොවිඩ් 19 අසරණ වු විදේශගත සිසු සිසුවියන් වගේම විදෙස්ගත ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල අය මෙරටට ගෙන්වාගන්න පුළුවන් වුණේ. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට ආණ්ඩුවේ කිසිදු සුදානමක් නෑ. ජාතික සම්පත් විකුණන් කෑම ගෝඨාභය - මහින්ද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවේ.
පහුගිය ආණ්ඩුව ශ්‍රී ලංකන් එකට ස්වාභාවික මරණයක් ලබා දීමටයි හැදුවේ. ඔවුන්ට ඕන වුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණලා දාන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වුණාම තමයි ශ්‍රී ලංකන් වගේ පහුගිය ආණ්ඩුවෙන් විකිණීමට හිටපු ආයතන සුරක්ෂිත වුණේ. පහුගිය යහපාලනය කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදු වූ සියලු අක්‍රමිකතා පිළිබද ව පුළුල් පරීක්ෂණයක් සිදු කරනවා.
ඒ නිසා කඩිනමින් අභ්‍යන්තර විගණනයක් කරන්න අපි අපේක්ෂා කරනවා. ආයතනය එක සේවයකයෙක් ඉවත් කරන්න ලක්ෂ ගාණක් වියදම් කරලා නඩු කියන තත්ත්වයක් තියෙනවා. සාධාරණ හේතුවක් නොමැති එවැනි දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙන ආයතනය පැටලී ඇති නඩු අවසන් කර ගැනීමට පියවර ගත යුතුයි. වෘත්තීය සමිති සහායත් මේ ආයතන පවත්වාගෙන යන්න අවශ්‍යයි. සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න අපි ලෑස්තියි.”