ශෂි වීරවංශගේ නඩුව යළිත් කල් යයි
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනු කර ඇති නඩුව අද(01) යළි විභාගයට ගෙන තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අද දින විභාගයට ගත් අවස්ථාවේදී විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි.
අනතුරුව වැඩිදුර විභාගය ලබන 14 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

popular news
-
කපිල Tuesday, 01 January 2019 08:32 PM
ඊ ළඟ මතිවරනේදී මහින්ද දිනනකන් මේ නඩුව කල් ගිහිල්ල ඊට පස්සේ ඉබේම අහෝසි වෙනවා. ඔන්න ලංකාවේ නීතිය.
Reply : 0 0
Nandana Tuesday, 01 January 2019 08:32 PM
මේ මොකද ලංකාවට වෙලා තියෙන්නේ ,මෙහෙම දෙයක් කරපු බව ඔප්පු වෙලා තියෙද්දී නිකන් ඉන්නේ සාමාන්‍ය මිනිහෙක් හොර ල්ය්සන් එකක් හැදුවොත් කොහොමද මේක බලය අයුතු විදිහට පවිචිචිකර හදපු හොර පාස්පෝර්ට් එක්කක්
Reply : 0 0
lion Wednesday, 02 January 2019 06:47 AM
ඇයි මේවිදියට නඩු කල්යන්නේ මේ වරද සාමාන්‍ය මිනිසෙක් කලා නම් තාමත් ඔහු remand නඩුව ඇහෙනකන් . අපිට පුරවැසියෝ වශයෙන් ඇත්තේ මේ වැඩසම්බන්දව දැඩි කලකිරීමක්.ගරු අදිකරණය සම්බන්දව අපට ඇත්තේ දැඩි විස්වාසයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
