පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05දා) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,050කදී පසුගිය අගෝස්තු මස ශිෂ්‍යත්ව විභාගය පැවැති අතර, ඒ සඳහා සිසු සිසුවියෝ තුන්ලක්ෂ පනස්පන්දහස් තුන්සියවිසිහය දෙනෙක් පෙනී සිටියහ.
අන්තර්ජාලයට එක්කරන විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.