ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවාගත් ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉදිරි මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
මැතිවරණය ප්රකාශයට පත්කර දින හතක් තුළ මැතිවරණයට තරග වදින බව දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු වෙයි.