ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන පෙරමුණ ඉතා පිහිටුවා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (08දා) පැවසීය.
එම සන්ධානය පිහිටුවීම පමා කළහොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 200 බැගින් ලබාදී නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අනාරක්ෂිතභාවයකට පත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.