දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෝටර් රථයක ජනේල විවෘත කර ශරීරය පිටතට දමා ගමන් කළ තරුණයන් 4 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අකුරණ පදිංචි අවුරුදු 18-20ත් අතර සැකකරුවන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
මෝටර් වාහන පනතේ සඳහන් වැරදි වලට අමතරව අයුතු අවහිර කිරීම හා අයුතු ජනරාශියක සාමාජිකයන් වීම යන චෝදනා ඔවුන්ට එල්ලවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.