2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී තිබෙන බව විදේශ රැකියා නියුක්ති කාරයාංශය සඳහන් කරයි.
2018 වර්ෂය තුළදී ශ්‍රමිකයින් 211502 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 144531කි. එම සංඛ්‍යාව විදේශ ගතවූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් 68.3% කි. 2017 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් 143673 දෙනෙකු විදේශ ගතවී ඇති තිබේ. එය සමස්ථ විදේශ ගතවීම්වලින් 68% කි. ඒ අනුව 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.3% න් වැඩිවී තිබේ.
කාන්තා ශ්‍රමිකයින් 66971 දෙනෙකු 2018 වර්ෂයේදී රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, එම ප්‍රමාණය විදේශ ගතවූ මුළු ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් 31.7% කි. 2017 වර්ෂයේදී කාන්තා ශ්‍රමිකයින් 68319 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එහි ප්‍රතිශතය 32% කි. ඒ අනුව කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී 0.3% ක ප්‍රමාණයකින් අඩුවී තිබේ.
2018 වර්ෂයේදී කාන්තා ශ්‍රමිකයින්ට වඩා පිරිමි ශ්‍රමිකයින් 77560 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබේ.
2018 වර්ෂය තුළ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇති රට වනුයේ කටාර් රාජ්‍යය යි. එම ප්‍රමාණය 50776 ක් වන අතර, 2017 වර්ෂයේදී කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 56637 දෙනෙකු රැකියා සදහා පිටත්ව ගොස් තිබේ.
පසුගිය වර්ෂයේදී ශ්‍රමිකයින් 5410 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් තිබේ. එසේම 2017 වසර තුළ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ප්‍රමාණය 5807කි.
ජපානය, මොරිෂස්, නවසීලන්තය, පෝලන්තය, රුමේනියාව, ස්විසර්ලන්තය වැනි රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුවීමේ වර්ධනයක් දැකිය හැකි බව එම කාර්යාංශය සඳහන් කරයි. . 2017 වර්ෂයේදී ජපන් රැකියා සදහා ශ්‍රමිකයින් 402 කු පිටත්ව ගොස් තිබෙන අතර, 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් 746 දෙනෙකු සදහා ජපානයේ රැකියා වරම් හිමිව තිබේ.