කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඒ ඒ රටවල් විසින් පනවන ලද සංචාරක සීමාවන් නිසා ඉන්දියාව , පාකිස්තානය සහ නේපාලය යන රටවල , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 ක් නැවත ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් 04 ක් සිදු කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ .
ඒ අනුව අද (21) දින පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට තවත් ශ්‍රී ලාංකික සිසුන් 20 දෙනෙකු ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිතය .
එමෙන්ම (23) දින තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 101 ක් ඉන්දියාවේ අමිර්තසාර් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 146 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිතය .
එසේම (24) දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 194 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ කොයිම්බතූර් සිට තවත් ශ්‍රී ලාංකිකයන් 117 ක් ද , එදිනම නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1425 දරන ගුවන් යානයෙන් තවත් ශ්‍රී ලාංකික සිසුන් 93 ක් ද ආපසු ශ්‍රී ලංකාවට කැදවා ගෙන පැමිණීමට නියමිතය .
මීට අමතරව මෙම රටවල සිටි වෛද්‍යවරුන් පිරිසක් ද මෙම ගුවන් යානා වලින් රැගෙන ඒමට නියමිත බැව් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේය .
මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සදහා ඒ ඒ රටවල ප්‍රාන්ත වල පිහිටුවා ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල සහ අදාළ රටවල සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ නිසි අවසරය සහ සහයෝගය ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත හිමි වී තිබේ .
මෙලෙස ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ සියලු ශ්‍රී ලාංකික ගුවන් මගීන් අවශ්‍ය නීරෝධායන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වෙත භාර දීමට නියමිතය .
මෙම වසංගත රෝග තත්ත්වයේ මුල් දින වල චීනයේ වූහාන් නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් සහ ඉන්දියාවේ වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් ද ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් සිදු කර තිබුණි .