ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ආහාර රටාවට ගැලපෙන , කල් තබා ගත හැකි ශීත කළ ආහාර රැසක් ශ්‍රී ලන්කන් කේටරින් අංශය විසින් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත හඳුන්වා දී තිබේ.
නැවුම් අමුද්‍රව්‍ය සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම උසස් තත්වයේ ශීත කළ ආහාර නිපදවා තිබේ.
Cuisine Gastronome යන නාමය යටතේ ප්‍රනීත රසයෙන් යුතු දේශීය සහ විදේශීය රසවත් ආහාර , මිනිත්තු කීපයකින් සකස් කර ගත හැකි ආකාරයට පිළියෙල කර තිබේ .
කළු පොල් මාළුව , පොලොස් ඇඹුල සමග දේශීය රතු සහල් , කුකුළු මස් ව්‍යාංජනය සහිත ශ්‍රී ලාංකික කහ බත් මෙන්ම තායි ස්වීට් චිලී සමග චොක් ෆ්‍රයිඩ් නූඩ්ල්ස් ද මේ අතර තිබේ .
ඇසුරුම් කරණයේ සිට බෙදාහැරීම දක්වා ජාත්‍යන්තර මට්ටමේ තත්ව පාලනයන්ට යටත් ව ශ්‍රී ලන්කන් කේටරින් විසින් මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබයි .
1979 වසරේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට එම ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් සේවා රැසක් වෙත මෙසේ ආහාරපාන සැපයීම සිදු කරනු ලබයි .
කටුනායක ටී.කේ.ජී.කපිල