ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවය කරන සේවකයින් 47 දෙනෙකුට 12/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවය කරන සේවකයින් 865 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ 12/22 දින වනවිට සිදු කර ඇති අතර , දැනට තහවුරු වී ඇති ආසාදිතයන්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මේ වනවිට මෙම ආයතනයෙන් තමන් වෙත නොලැබී ඇති බව ද , එනිසා ඉදිරි පරීක්ෂණ සදහා එය බාධාවක් වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
මේ අතර කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 04 දෙනෙකු සොයාගෙන ඇති අතර ඔවුන් අතරින් 03 දෙනෙකු බන්ධනාගාර වලින් මෑතකදී නිදහස් වී පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයා ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවය කරන්නෙකු බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය .
මොවුන් සිව් දෙනා 12/22 දින සවස වනවිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා ගිලන් රථ මගින් රැගෙන යෑමට නියමිත බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .
කටුනායක ටී.කේ.ජී.කපිල